Book Details
වැරදි වැටහීම (1 වෙළුම): මේගන්ට වයස අවුරුදු දොළහක් වන අතර, ඇය තම මානසික බලය ගැන කතා කිරීම නිසා ඇයගේ මව ඇයව නැවතත් ගල් අඟුරු ගබඩා කුටියේ සිර කර ඇත. ඇගේ මව කියන ආකාරයට 'බොරු කීම නිසා'. ඇය නොපෙනෙන මකුළුවන්ට බිය විය, නමුත් ඇයගේ මිතුරා, විශාල හොල්මන් සයිබීරියානු ව්යාඝ්රයෙක්, ඇය තම අනාගතය පිළිබඳව කල්පනා කරන විට ඇයට දිරිගැන්වීමේ සහයෝගය ලබා දීමට පැමිණෙන අතර, මියගිය සීයා ඇයව දිව්යමය චාරිකාවක් මගින් මුහුද වෙත ගෙන යයි.
චෛතිසික මේගන් කතා මාලාව ආධ්යාත්මික මාර්ගෝපදේශකයෙක්, හොල්මන් ව්යාඝ්රයෙක් සහ එක් බියපත් මවක්! චෛතිසික මේගන් කතා මාලාවේ නවකතා විසිහතරකින් එළිදක්වන්නේ තම පවුලේ කිසිවකුට කළ නොහැකි දේවල් තමාට කළ හැකි බව තරුණ ගැහැණු ළමයෙකුගේ සිත තුල වැඩෙන අවබෝධයයි. පළමු වෙළුමේ දී මේගන්ගේ වයස අවුරුදු දොළහකි. ඇයට විසඳිය නොහැකි ගැටළු දෙකක් තිබේ. පළමු ගැටලුව නම්, ඇගේ මව තම දියණියගේ ගුප්ත හැකියාවන්ට බිය වී ඇයට උදව් නොකරනවා පමණක් නොව ඇයව ක්රියාශීලී අන්දමින් අධෛර්යමත් කිරීමයි. දෙවැන්න, ඇයගේ අද්භූත, මානසික බලයන් වර්ධනය කර ගැනීමට උපකාර කිරීමට ගුරුවරයෙකු සොයා ගැනීමට ඇයට ඇති නොහැකියාවයි. මන්ද යත් ඇයට අවශ්ය වන්නේ කළ හැක්කේ කුමක්ද සහ එය කරන්නේ කෙසේද යන්න දැන ගැනීමට පමණක් නොව, ඇය තම විශේෂ හැකියාවන් යෙදවිය යුත්තේ කුමන අරමුණකටද යන්නයි. මේගන් හොඳ ගැහැණු ළමයෙක් වූ අතර ඇය තම බලය යහපත් දේ සඳහා භාවිතා කිරීමට නැඹුරු වන බව පැහැදිලිව පෙනේ, නමුත් නිවැරදි දේ කුමක්දැයි ඔබ දැන සිටියත් නිවැරදි දේ කිරීම සැමවිටම පහසු නොවේ. වයස අවුරුදු දහයත් සියයත් අතර චෛතිසික ශක්තීන්, අද්භූත හා සම්මත ගවේෂණයන්ගෙන් පරිබාහිර වූ දේ පිලිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේගන් පිළිබඳ මෙම කථා මාලාව ආකර්ෂණයක් වනු ඇත. වැරදි වැටහීම (1 වෙළුම): මේගන්ට වයස අවුරුදු දොළහක් වන අතර, ඇය තම මානසික බලය ගැන කතා කිරීම නිසා ඇයගේ මව ඇයව නැවතත් ගල් අඟුරු ගබඩා කුටියේ සිර කර ඇත. ඇගේ මව කියන ආකාරයට 'බොරු කීම නිසා'. ඇය නොපෙනෙන මකුළුවන්ට බිය විය, නමුත් ඇයගේ මිතුරා, විශාල හොල්මන් සයිබීරියානු ව්යාඝ්රයෙක්, ඇය තම අනාගතය පිළිබඳව කල්පනා කරන විට ඇයට දිරිගැන්වීමේ සහයෝගය ලබා දීමට පැමිණෙන අතර, මියගිය සීයා ඇයව දිව්යමය චාරිකාවක් මගින් මුහුද වෙත ගෙන යයි.
Author Description
වේල්සයේ, බැරී හි උපත ලැබූ, ඇමේසන් වෙබ් අඩවිය තුල වැඩියෙන්ම අලෙවි වන කතුවරයා වන ඕවන් ජෝන්ස්, රටවල් කිහිපයක ජීවත් වූ අතර තවත් බොහෝ රටවල සංචාරය කර ඇත. ඔහු 70 දශකයේ සෝවියට් සංගමය තුල රුසියානු භාෂාව ඉගෙන ගනිමින් සිටියදී, ඔත්තුකරුවන් සමඟ ඔහු නිරන්තරයෙන් සබඳතා ගොඩනගා ගති. විශ්ව විද්යාලයෙන් නික්ම යාමෙන් පසු, සුරිනාම්හිදී, ඔහු කුලී හේවායෙකු බවට චෝදනා ලැබ, 1982 කුමන්ත්රණයට හසු විය. පසුව, සමාගම් අධ්යක්ෂවරයෙකු ලෙස සිටියදී, ඔහු ඩෙසර්ට් ස්ටෝම් මෙහෙයුම අතරතුර දේශීයව සෑදු කොන්ක්රීට් යාත්රාවක නැගී, බැරී සිට ජිබ්රෝල්ටාර් දක්වා යාත්රා කිරීමට හබල් ගැසීමේ සේවකයෙකු ලෙස සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට එක් විය. එම ගමනේදී, රුසියානු තෙල් නැවක සහ ඇමරිකානු ගුවන් යානා ප්රවාහන නෞකාවක් වන අත්ලාන්තික් චැලෙන්ජර් හා ගැටීමට ඉතා ආසන්න විය. 2004 සිට ඔහු ප්රධාන වශයෙන් එක්සත් රාජධානියේ, ස්පාඤ්ඤයේ සහ තායිලන්තයේ ජීවත් වේ. ඔහු දැන් ඔහුගේ බිරිඳගේ උතුරේ පිහිටි දුරස්ථ ගොවි ගම්මානයේ සිට ලිවීම, සංස්කරණය කිරීම සහ ඔහුගේ නවකතාවල පරිවර්තන සංඛ්යාව වැඩි කිරීම සහ ආඛ්යානය කරමින් තරමක් නිහඬ ජීවිතයක් ගත කරයි. ඔහු කියන පරිදි: "සංගීත පිරි දේශයේ ඉපදී, සිනහ පිරි දේශයේ ජීවත් වේ"
Read this book in our EasyReadz App for Mobile or Tablet devices
To read this book on Windows or Mac based desktops or laptops: